ශ්‍රී ලංකාවේ කාල අවකාශය
මෙම පාඨමාලාව වර්තමාන ශ්‍රී ලංකාවේ ඓතිහාසික නිෂ්පාදනය පිළිබඳව හැදෑරීමට කැමැති අයට ලබාදෙන අවස්ථාවකි. පාඨමාලාව අවසානයේදී ඒ සඳහා සියලු සුදුසුකම් සපුරන්නන් හට සහතික පත්‍රයක් ලැබිය හැකිය.
සමකාලීන ශ්‍රී ලංකාවේ ඓතිහාසික නිෂ්පාදනය, විශේෂයෙන්ම එහි භෞමිකත්වය, නාගරික ව්‍යුහ, සහ අනෙකුත් නිර්මිත අවකාශ සහ ඒවායෙහි අර්ථයන් සැලකිල්ලට ගනිමින් හා යුරෝපීය යටත්විජිතවාදය කෙරෙහි අවධානය යොමු කරමින් අවකාශීය දෘෂ්ටියකින්විමර්ශනයට ලක් කෙරෙන අතර නිරීක්ෂණ හා තර්ක මාලාවක් ඔස්සේ ගොඩනැගෙන මෙම අධ්‍යයනය වර්තමාන ශ්‍රී ලාංකික අවකාශය සහ එහි ක්‍රියාකාරිත්වය කුළුගැන්වෙන ප්‍රධාන අංග සහ ව්‍යුහයන් කිහිපයක් පිළිබඳ සාකච්ඡාවක් සමඟ අවසන් වේ.
මෙම මාර්ගගත (Zoom) පාඨමාලාව පිරිනැමෙන්නේ කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව යහපත් අරමුණින්, ස්වේච්ඡාවෙනි. අප පන්තිය තුළදී භාවිත වන ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේදී කරුණු මතක තබා ගැනීමකට වඩා සිතමින්, දැනුම නිෂ්පාදනය කරමින්, හා දැනුමේ නව මානයන්ගවේෂණය කරමින් සක්‍රීය ලෙස ඔබ දායක වෙතැයි අපේක්ෂා කෙරේ.
වැඩි විස්තර සඳහා: dulminimy@gmail.com
පාඨමාලා අන්තර්ගතය (පහත බලන්න)
සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ ආවර්ජන
2023
2024
මගේ විෂය ඇත්තටම නර්තන විෂය. නර්තනය කියන්නේ මම ගොඩක් වෙලාවට ශරීරය කියන එක ගැන ගොඩක් උනන්දුයි. නර්තනය තුළින් මම හැම තිස්සෙම බලන්නේ ශරීරය කියන එක මං කොහොමද තේරුම් ගන්නේ සහ මම කියන කෙනා කොහොමද මේ නර්තනය ඇතුලේ ස්ථාපිත වෙන්නේ කියන එක.
ඉතින් මට මේ ශ්‍රී ලංකාවේ කාල අවකාශය කියන පාඨමාලාව මං හිතන්නේ මගේ චින්තනමය වශයෙන් ලොකු වෙනසක් කර පාඨමාලාවක්. මොකද දැන් අපි පෙර කතා කළ දේවලත් දැනුම කියන එක ගැන ගොඩක් අවධානය යොමු කළා. අපි හිතනවා ඉස්කෝලෙ කාලේ ඉදන්ම දැනුම කියන ඒක හරිම රේඛියව යම්කිසි ස්ථානයකට ගමන් කරන, ඉහලට ගමන් කරන දෙයක් කියලා. හැබැයි මම මහාචාර්යයතුමාගෙන් ඉගෙනගත්තා දැනුම කියන දේ නිතරම ගමන් කරන්නේ පල්ලෙහාට. අපි කියනවා අපිට හිටගන්න යම්කිසි විදියකට පුරුදු කරනවා සහ යට ඉදන් දේවල් දකින්න පුරුදු කරන එකත් එක්තරා විදියකට දැනුමම කියන එක මම අර්ථකථනය කරගත්‍තා.
මොකද අපි ගොඩාක් වෙලාවට, එකදෙයක් තමයි මහාචාර්යයතුමා කිව්ව අපි හිතනවා අපිට ඇහෙන විදියටම අනිත් අයටත් අපිව ඇහෙන්න ඕන කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමහරවෙලාවට අනිත් අයගේ භාෂාව තේරෙනවද? මං මේ කතා කරන, අපි කතාකරන භාෂාව නෙවේ අනෙකාගේ භාෂාව අපිට තේරෙනවද? අපි ඒක අහන්න සුදානම්ද?
ඉතින් එක්තරාවිදියක මේ පාඨමාලාව තුළ මට කියන්න පුළුවන් මට පදනමක් හම්බවුනා. මොකද ගොඩාක් වෙලාවට කලා ඉතිහාසය සහ යටත්විජිතකරණය ගැන කතාකරනවා. හැබැයි අපි එලියේ තියෙන ගොඩක් දේවල් තමයි යටත්විජිතකරණය එක්ක කතා කරන්නේ. මට තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි මේ කොළඹ කියන එක ඇයි අනිත් තැන් වගේ නොවුනේ කියන එක. ඉතින් එක්තරාවිදියට මහාචාර්යයතුමාගේ දේශන වලදී මට තේරුනා මේ යටත්විජිතකරණයට ලක්වෙලා ඉන්නකොට කොළඹ කියන එක හැදීම තුළින් තමයි යම්කිසි විදියකට මේ වර්තමාන කතාන්දරය අපේ ඉතිහාසය කියන එක යාකරලා තියෙන්නේ. මොකද ඒක ඇතුලේ තමයි ගොඩනැගිලා තියෙන්නේ. අපිට ඒකෙන් එලියට යන්න බැහැ. එක්තරාවිදියකට දැන් මට කියන්න පුළුවන් ශ්‍රී ලංකාව කියලා, ඉතින් ලංකාවේ මම ඉන්න තැන පදනම foundation එක ඇත්තටම මට ඒකත් එක්ක හම්බවුණා.
අපි යටත්විජිතකරණය ගැන ගොඩක්දේවල් කතාකරලා තියෙනවා. හැබැයි අපිට යටත්විජිතකරණයට, Portuguese එන්න කලින්, අපිට ඉතිහාසයක් තිබුණද? අපිට ඒකට නැවත යන්න පුලුවන්ද? අපිට අතීතයට ආපහු යන්නත් බැහැ. යටත්විජිතකරණයෙන් ගැලවෙන්නත් බැහැ. මහාචාර්යයතුමාගේ ලැබුණු අනිත් දේ තමයි තුන්වෙනි අවකාශය.
මම මාව ප්‍රශ්න කරගත්ත විදිය ගැන පොඩි දෙයක් කියන්නම්. අපි අධ්‍යනයේ පහසුව සදහා සමකාලින විදියට විවිධ විදියට නම් වෙන් කරනවා. යම් කාලෙක ඉදන් මම හදුනාගත්තා මම සමකාලින නර්තනශිල්පිනියක් විදියට, හැබැයි මේ contemporary කියන වචනය මම ප්‍රශ්න කරන්න ගත්තා. මේක ඇත්තටම මට භාවිතා කරන්න පුළුවන් වචනයක්ද? මොකද ඒක කෙලින්ම යුරෝපයත් එකක සම්බන්ධවෙන එතකොට යුරෝපයේ ඇතුලේ context ඒකත් මම මෙහෙ ගෙනල්ලා කෙලින්ම මම සමකාලින නර්තන ශිල්පිනියක් විදියට හදුන්වනවා. එතකොට මම ප්‍රශ්න කරා ඇත්තටම මම කවුද අපිට එහෙම මාව හදුන්වන්න පුලුවන්ද කියන ලොකු ප්‍රශ්නේ මට දැන් තියෙනවා. ඉතින් දැන් මගේ තුන්වෙනි අවකාශය තමයි මම සොයමින් ඉන්නේ. මේ පාඨමාලාව මට ඉතාමත්ම වැදගත් වුණා. මගේ චින්තනමය වශයෙන් ලොකුම වෙනසක් වුන පාඨමාලාවක්. යම්විදියකට මට foundation එකක් හම්බවුනා දේවල් ගැන හිතන්න, යට ඉදන් දේවල් දකින්න දැනුම කියන දේ ප්‍රශ්න කරන්න.
-කාංචනා මල්ශානි -
මම විවෘත විශ්ව විද්‍යාලයේ තමයි මගේ සමාජ විද්‍යා උපාධිය ඉවර කරේ. ඊට පස්සේ කැලණිය විශ්ව විද්‍යාලේ සමාජ විද්‍යා මාස්ටර් ඩිග්‍රිය කරනවා. එතකොට මට නිතරම සමාජය එක්කම ගැටෙන පුද්ගලයෙක් වශයෙන් මට හොද අවස්තාවක් මේ පාඨමාලාව. ඇත්තටම මේ පාඨමාලාවට මම සහභාගී වෙන්න කලින් මට ගොඩක් ප්‍රශ්න තිබුණා. කොහොමත් අපි කුඩා කාලේ සිටම ඉතිහාසය ගැන ඉගෙනගත්තම, සමාජ අධ්‍යනය වෙන්න පුළුවන්, ව්‍යවස්ථාව ගැන වෙන්න පුළුවන්, ගොඩක් දේවල් ඉගෙන ගත්තා. … ඒ ඉතිහාසය අපිට කටපාඩම්. … නමුත් අපි ඉගෙනගත්ත දෙයට වඩා වෙනත් දෙයක් මන් මෙතනින් ඉගෙන ගත්තා.
අපිට ඒ මේ අතරතුර තියෙන gap එක මොකක්ද? අපි හිතන පතන දේවල් එතැනදී ගොඩක් වෙනසක්. ... මේ පාඨමාලාවේ විවිධ මාතෘකා ඔස්සේ සාකාච්ඡා කරපු එකෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා වුනාට ඒකෙ එක කාරනාවක් ගැන මට කියන්න මෙතන අවස්තාවක් ලෙස මම සලකනවා. මම නිතරම කොළඹ නගරයේ විවිධ ස්ථාන වලට යනවා. එතකොට පැරණි ගොඩනැගිලි තියෙනවා, එක එක තැන් තියෙනවා. ඒ හරහා යනකොට, මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කලින් වුනත්, මම හිතනවා කොයිවිදියට මේවා තියෙන්න ඇතිද? ඒ කියන්නේ මේක ඉතිහාසෙත් එක්ක මං හිතින් මවලා බලනවා, සුද්දන්ගේ කාලේ කොහොම තියෙන්න ඇතිද කියලා. අපි දන්නවා Floating Market එක ගාව අර පාලම් ටික බැලුවත්, වරාය පැත්තට ගියත්, Galle Face පැත්තට ගියත් ... ගොඩක් දේවල් ඉගෙන ගන්න, හිතන්න පටන් ගත්තා. ඉතින් මේ පාඨමාලාවෙන් මහාචාර්යයතුමාගෙන් ඒකට උත්තරයක්. දැනුත් Galle Face එකට ගියාම, මම එතන ඉදලා බැලුවම, මාහාචාර්ය්යතුමා උගන්වපු පාඩම තමා මතක් වෙන්නේ. හරියට ඒක ෆිල්ම් එකක් වගේ. ඒක අපි අර නාට්‍යයක් බලලා මගදී නවත්තලා ආයේ ඒක කල්පනා කරලා බලනවා වගේ, ෆිල්ම් එක ආයේ හිතලා බලනවා වගේ, feeling එකක් එනවා.
ඒ වගේම ගොඩාක් මට වටිනවා. මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ. මට ලොකු අවස්තාවක්, මේ සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා අදහස් හුවමාරු කරගත්තා. මම හිතන් හිටියේ දැනුම කියන්නේ කාල අවකාශයේ මේ වගේ දේවල් කියලා. අනිත් අයගේ අදහස් වල බලනකොට වෙනස්. එතැනදී මම හිතන පතන දේවලුත් මම වෙනස් කරගත්තා.
ඒ වගේම මට මතක් කරන්න ඕනි අර ලංකාවේ විතරක් නෙවේ, ජාත්‍යන්තරෙ, වෙනත් රටවල් වල අධ්‍යාපන හෝ එහෙම නැත්නම් රැකියාවල නිරතව සිටින අයත් අපිට වඩා වෙනස්. ඒ කියන්නේ අපිට පිටරටවල අත්දැකීම් අඩුයි. එතකොට ඒ ලංකාවේ ඉදලා පිටරටට ගිය අය පිටරට ඉදලා ලංකාව ගැන හිතන විදිය, ඒ රටේ compare කරලා බලලා කියන විදියත් එකක ඒ අදහස ගොඩක් වටිනවා. ඒ experience එක share කරගත්තා.
මෙතැනදී තවත් දෙයක් මම මතක් කරන්න ඕන: අපේ මහාචාර්යයතුමා අදහස් වලට ගරුකරවා. ඒ හැමවෙලේම හැමෝටම ප්‍රශ්නයක් අහන්න අවස්තාවක් දෙනවා. ඒ අහපු ප්‍රශ්නෙට උත්තරෙත් අපිට හම්බ වෙනවා. ඊටපස්සේ අපි කට පියන් හිටියත් අපෙන් අහනවා, personally මගෙන් අහනවා යසීර් මේ මොකක්හරි තියෙනවනම් කියන්න, අදහසක් නැද්ද? එතකොට අපි ඒක කිව්වම ඒ අදහස් වලට ගරු කරනවා. අපි සමාජයේ වැදගත්ම කාරනාව තමයි අපේ අදහස ප්‍රකාශ කරනවා වගේම තව කෙනෙක්ගේ අදහස් වලට ගරු කරන්න ඕන. එතකොට ඒ අදහසේ තියෙන දේවල් මොකක් හරි කාරනාවක් කිව්වනම් ඒ කාරනාව ඔලුවට අරගෙන ඒක හරිනම් ඒක අගය කරන්න ඕන. ඒක වැරදි නම් හරිදේ අපිට කියලා දෙන්න ඕන. ඒ දේ මං මහාචාර්යයතුමාගෙන් ඉගෙන ගත්තා. ඇත්තටම ගොඩක් වටිනවා මෙවැනි කාල අවකාශ පාඨමාලාවන් අපිට වගේම තවත් අයටත් මේ පාඨමාලාව ඉදිරියටම ගෙනියන්න කියමින් මං ඉල්ලා සිටිනවා.
-යසීර් -
පාඨමාලා අන්තර්ගතය
පාඨමාලාව හඳුන්වාදීම: සහභාගිවන්නන්, සංකල්ප, සහ වාග්කෝෂය
කොළඹ යටත්විජිත පර්යන්ත මුරපොලක් ලෙස නිපදවීම
සිලෝනය යටත්විජිත පරිපාලනය සහ ආදායම් ඒකකයක් ලෙස ගොඩනැඟීම
සිලෝනය ධනවාදී ලෝක ක්‍රමයට අන්තර්ග්‍රහණය කරගැනීම
සංස්කෘතික යටත්විජිතකරණය: ඥානවිභාගත්මක ප්‍රචණ්ඩත්වය
විසදුම් කියා ප්‍රශ්න ආනයනය කිරීම
පළවෙනි සමාලෝචනය: යටත්විජිත සිලෝනය ගොඩනැංවීම
ජාතිකත්වය, අවකාශීයකරණය, සහ අනුරාධපුරය
ගතානුගතිකවාදීන්: යටත් විජිත ක්‍රමයට අනුගත වීම
ඇමරිකානු හෙජමොනිය: සීතල යුද්ධය, යටත්විජිතහරණය, සහ ජාතික සංවර්ධනය
රැඩිකල්වාදීන්: නිදහස සහ සමාජවාදය
පශ්චාත් සංවර්ධනය කතිකාව
ලිබරල් දේශපාලන ක්‍රමයේ අවසානය: නව ලිබරල්වාදය, ගෝලීයකරණය, ජාතිකවාදය, චෞර තන්ත්‍රය
දෙවන සමාලෝචනය: යටත්විජිතවාදයට දැක්වුණු ප්‍රධාන ධාරාවේ ප්‍රතිචාර
යටත්විජිතත්වයෙන් ඔබ්බට: නිර්ප්‍රභු/පශ්චාත් යටත් විජිත අධ්‍යයන සහ පශ්චාත් යටත් විජිත නාගරීකරණ
කොළඹ දේශීයකරණය සහ ස්ත්‍රීකරණය
ස්ත්‍රී මූලික ග්‍රාමීය පරිවර්තනය
නිවාස: ධාරාවි සහ වනාතමුල්ල
ශ්‍රී ලාංකීය නූතන අවකාශ: පොළ
තෙවන සමාලෝචනය: යටත්විජිතවාදයට දැක්වුණු මහජන ප්‍රතිචාර (Local Culture and Spaces?)
ශ්‍රී ලාංකීය අවකාශ ව්‍යුහය: හංදිය යටත් විජිත අවකාශය හමුවීම
පැන නැඟීම් හා පැනවීම් Pradeep … Student presentations
පාඨමාලාව අවසන් කිරීමේ සංවාදය